නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ ඖෂධ පෙති තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ එක්ව මෙම වැටලීම යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ සහ කයිට්ස් දූපතේ නයන්මාකට්ටු ප්‍රදේශයේදී සිදුකර ඇති බව වාර්තා වේ.
වැටලීමේදී නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ ඖෂධ පෙති 860ක තොගයක්, සැකකරුවන් සිව්දෙනා සහ යතුරුපැදියක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 29 අතර පසුවන අතර, ඔවුන් යාපනය ඔට්ටාමඩම්, සංකානි, නල්ලූර් සහ කොයියතෝඩිමම් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි.
සැකකරුවන්, ඖෂධ පෙති තොගය සහ යතුරුපැදිය වැඩිදුර නීතිමය කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බව ද සඳහන් වේ.