අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළ බවට වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියට චෝදනා

අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ල කළ බවට චෝදනා කරමින්, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ දියණියට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබේ.

‘අද දෙරණ’ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, මෙම නඩුකරය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ බවයි.

එහිදී අල්ලස් කොමිසම විසින් සැකකාරියට එරෙහිව චෝදනා දෙකක් යටතේ චෝදනා පත්‍රයක් ගොනු කරන බව අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන් වේ.

අනතුරුව එම චෝදනා පත්‍ර විවෘත අධිකරණයේදී කියවනු ලැබූ බව අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේය.

එහිදී විත්තිකාරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට එරෙහිව එල්ල කර ඇති සියලු චෝදනාවලට තමන් නිවැරදිකාරිය බවය.

අනතුරුව මෙම නඩුව ඉදිරි විභාගය සඳහා ලබන මැයි මස 05 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form