පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය තෝරා ගැනීම, ඒ සම්බන්ධ යෝජනා සහ නිර්දේශ සකස් කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අද (06) පාර්ලිමේන්තුවේදී යෝජනාවක් ඉදිරිපත් කෙරිණි.

මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එයට පාර්ලිමේන්තුවේ එකඟතාවය හිමි වූ බව සඳහන් වේ.

අදාළ යෝජනාව අද දින පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ද ඇතුළත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form