ඉන්දුනීසියාවේ උතුරු සුලවේසි (North Sulawesi) ප්‍රදේශයේ ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන් වී ඇති අතර, පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.
ගංවතුර තත්ත්වය හේතුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූ ප්‍රදේශවල ආපදාවට පත් පුද්ගලයින් ගලවා ගැනීම සඳහා ගලවා ගැනීමේ භටයින් 16 දෙනෙකු යොදවා ඇති බව එරට බලධාරීන් මාධ්‍ය වෙත දැනුම් දී ඇත.
අතුරුදන් වූ පුද්ගලයින් සොයා ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, වර්ෂාපතනය ඉදිරියටත් පවතින හේතුවෙන් ජනතාවට අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.