සාමාන්‍ය පෙළ උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට වැදගත් නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026) සඳහා උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් ලෙස සේවය කිරීමට අයදුම්පත් භාරගැනීම අනිද්දා වන ජනවාරි 08 වැනිදායින් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එම විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා අවශ්‍ය සුදුසුකම් ඇති අයදුම්කරුවන්ට https://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය ඔස්සේ තවදුරටත් අයදුම් කළ හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

අ.පො.ස. (සා.පෙළ) 2025 (2026) උත්තරපත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 2025 දෙසැම්බර් 25 වැනිදා ආරම්භ කර ඇති අතර, එලෙස ඉදිරිපත් කරන අයදුම්පත් 2026 ජනවාරි 08 වැනිදා දක්වා භාරගනු ලබන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form