පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්… තිදෙනෙකු මරුට

පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම, නවදන්කුලම ප්‍රදේශයේ අද (12) උදෑසන සිදුවූ බිහිසුණු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

මෝටර් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මුන්දලම පොලීසිය සඳහන් කළේය. අනතුරින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු හලාවත මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය. තුවාලකරුගේ තත්ත්වය පිළිබඳව මෙතෙක් වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.

අනතුර සිදුවූ අවස්ථාවේ මාර්ගයේ රථවාහන ගමනාගමනයටද කාලයකට බාධා එල්ල වූ අතර, පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව රථවාහන නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇත.

මෙම මාරක අනතුර සම්බන්ධයෙන් මුන්දලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form