කෙහෙළිය ඇතුළු සිව්දෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ පුත් රමිත රඹුක්වැල්ල, දියණිය අමාලි නායනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන සිව්දෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කර ඇති නඩුව යළි 2026 පෙබරවාරි 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.

අමාත්‍ය ධුරය දරමින් සිටි කාලසීමාව තුළදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර, ඔවුන්ට හිමි වැටුප් හා දීමනා තමන්ගේ සහ අදාළ පවුල් සාමාජිකයන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම මගින් දූෂණය නම් වරද සිදුකිරීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර ඇති බව අල්ලස් කොමිසම පවසයි.

මෙම විත්තිකරුවන්ට එරෙහිව මේ වන විටත් අධි චෝදනා භාරදී ඇති අතර, ඔවුන් අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇති බවද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form