වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අමෙරිකානු හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට සමාජ මාධ්‍ය හා විදේශ මාධ්‍යවල වාර්තා පළවීමත් සමඟ ඇතිව තිබෙන දැඩි ජාත්‍යන්තර මතභේද මධ්‍යයේ මෙම ප්‍රකාශය සිදු කර ඇති බව සඳහන් වේ.
ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ, විකිපීඩියා පිටුවක ආකෘතියට සමානව AI තාක්ෂණය භාවිතයෙන් සකස් කළ ඡායාරූපයක් පළ කරමින් මෙම ප්‍රකාශය සිදු කර ඇති බව වාර්තා වෙයි.
එම අතර, ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ වෙනිසියුලාවේ අගනුවර වන කරාකස් නගරය ආසන්නයේ පිහිටි හමුදා කඳවුරු කිහිපයක් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළ බවටද වාර්තා පළව ඇත.
මෙම ප්‍රහාර මාලාවෙන් අනතුරුව වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් අත්අඩංගුවට ගෙන අමෙරිකාවට රැගෙන ගොස් ඇති බවට ද සමාජ මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ හා වාර්තා පැතිර යමින් පවතින අතර, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති බවද සඳහන් වේ.
මෙම සිද්ධීන් හේතුවෙන් ලතින් ඇමරිකානු කලාපය ඇතුළු ජාත්‍යන්තර දේශපාලන වටපිටාව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් උද්ගතව ඇති බව විදෙස් විශ්ලේෂකයන් පෙන්වා දෙති.