ඉරානය සමඟ වාණිජ ගනුදෙනු කරන රටවල්වලට 25%ක තීරු බද්දක් – ට්‍රම්ප්ගේ නව තීරණය

ඉරානය සමඟ වාණිජ සබඳතා පවත්වන රටවලින් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ.

මෙම නව තීරු බදු වහාම ක්‍රියාත්මක වන බවත්, එය ඉරානයට එරෙහිව ගන්නා දැඩි ආර්ථික පියවරක් බවත් ට්‍රම්ප් පවසා ඇත. ඔහුගේ Truth Social ගිණුමේ සටහක් තබමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.

ඉරානය තුළ පවතින විරෝධතා අතරතුර විරෝධතාකරුවන් ඝාතනය කිරීමක් සිදු වුවහොත් ඇමරිකාව හමුදාමය වශයෙන් මැදිහත් විය හැකි බවට ට්‍රම්ප් විසින් කලින් අනතුරු අඟවා තිබූ අතර, එහි පසුබිමක මෙම නව තීරු බදු පැනවීම සිදු කර ඇත.

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, මෙම තීරණය ඉරානය සමඟ ව්‍යාපාරික ගනුදෙනු පවත්වාගෙන යන රටවල් සඳහාද දැඩි බලපෑමක් ඇති කළ හැකි බවයි. එමගින් ගෝලීය වෙළඳ සබඳතා සහ බලශක්ති වෙළඳපොළටද බලපෑම් ඇති විය හැකි බව ඔවුහු සඳහන් කරති.

මෙම නව තීරු බදු පිළිබඳව ඉරානය හෝ අදාළ රටවල් විසින් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form