නීතිවිරෝධීව ජංගම දුරකථන 397ක් මෙරටට ගෙනා ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොරව රුපියල් මිලියන 34 කට වඩා වටිනාකමකින් යුතු ජංගම දුරකථන තොඟයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු දෙමටගොඩ පදිංචි 45 හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

ගමන් මලු තුනක සඟවා තිබූ ජංගම දුරකථන 397 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

ඔහු අද (18) උදෑසන 7.00 ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form