අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ජෝර්දාන දේශසීමාව හරහා අනවසර ලෙස ඊශ්‍රායලයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලයේ ටයිබීරියස් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 43 ක් වන අතර, ඔහුට එරෙහිව නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීම හා නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය පදිංචිකරුවෙකු ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබීමට නියමිත බව ඊශ්‍රායල පොලීසිය සඳහන් කරයි.

ඊශ්‍රායල පොලීසියේ ජාත්‍යන්තර අංශය වන ඉන්ටර්පෝල් ශාඛාව පවසන්නේ, අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයාට එරෙහිව නීතිය අනුව දැඩි පියවර ගනු ලබන බවයි.

2023 සැප්තැම්බර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයට පෙර, ඊජිප්තුව, ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර ක්‍රියාත්මක වූ මිනිස් ජාවාරම් ජාල මඟින් විශාල ශ්‍රී ලාංකිකයන් අනවසරයෙන් ඊශ්‍රායලයට රැගෙන ගිය බව වාර්තා වේ. කෙසේ වෙතත්, එම මිනිස් ජාවාරම් ක්‍රියාකාරකම් දේශසීමා ආරක්ෂාව දැඩි කිරීමත් සමඟ සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවද සඳහන් වේ.

ඊශ්‍රායල රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශ හරහා රැකියා සඳහා එරටට පැමිණීමට අවස්ථාව සලසා දී ඇති පසුබිමක, මිනිස් ජාවාරම්කරුවන් හරහා අනවසරයෙන් ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සාහ කිරීම ඉතා අවදානම් හා ජීවිතයට බරපතළ තර්ජනයක් බව අවධාරණය කෙරේ.

විශේෂයෙන් යුධමය තත්ත්වයක් පවතින මෙම අවස්ථාව තුළ, කාන්තාර ප්‍රදේශ හරහා දේශසීමාව අනවසරයෙන් හරහා යාම මඟින් ජීවිත හානියට පත් විය හැකි බැවින්, මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවත්, මෙවැනි අනවසර ගමන් සඳහා උත්සාහ නොකරන ලෙසත් මහජනතාවට දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form