රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ, දිවයින පුරා සියලුම රෝහල්වල අද (21) උදෑසන 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.
සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, මාළිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගේ අත්තනෝමතික ක්රියාකලාපවලට විරුද්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම මෙම වර්ජනයට හේතු බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, වර්ජනය රෝහල් සේවාවන්ට බාධා නොවීම සඳහා සංකේත ආකාරයෙන් පැවැත්වෙන බවත්, මෙමගින් එම ගැටළුවට ඉක්මනින් විසඳුමක් ලබාදීමට බලාපොරොත්තු වන බවත් ය.
නැගෙනහිර පළාතේ වර්ජනය 5 වන දිනට
මෙම අතර, අක්කරයපත්තු රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට විරෝධය පලකරමින් නැගෙනහිර පළාත තුළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අද (21) පස්වන දිනටත් ක්‍රියාත්මක වන බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසයි.