නීතිවිරෝධී මල් පැළ තොගයක් දිවයිනට රැගෙන ආ ශිෂ්‍යා දැලේ

නීතිවිරෝධී ලෙස මල් පැළ තොගයක් දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ එම මල්පැළ රැගෙනයාමට තැත් කිරීමේදීයි.

ඔහු විසින් බැංකොක් නුවර සිට රැගෙන ආ ගමන් මලු 03 ක ප්‍රිලෝඩෙන්ඩ්‍රම් , ඇග්ලෝනිමා , ඇලොකේශියා සහ මොන්ස්ටෙරා වර්ගවල විසිතුරු මල් පැළ 386 ක් සගවා තිබූ බවයි රේගු නිලධාරින් පැවසුවේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි ශිෂ්‍යයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form