ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයට අයත් ඇඹිලිපිටිය, උඩවලව හා ගොඩකවෙල යන පොලිස් වසම් තුළ මාසයක පමණ කාලයක සිට මධ්‍යම රාත්‍රියේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට සොරෙකු ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ සොරාගන්නා බව ප්‍රදේශවාසීන් පවසනවා.
මේ වන විට එම සොරා නිවාස හා ව්‍යාපාරික ස්ථාන ගණනාවක සොරකම් සිදු කර ඇති මුත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.