දිස්ත්‍රික් දෙකකට නායයෑම් අවදානම්

මධ්‍යම පළාතේ දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම අනතුරු ඇඟවීම් අද (13) පෙරවරු 6.00 සිට හෙට (14) පෙරවරු 6.00 සිට ඉදිරි පැය 24 සඳහා වලංගු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ.

නුවර එළිය දිස්ත්‍රික්කයේ වලපනේ සහ නිල් දණ්ඩාහින්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර දෙක මට්ටමේ අනතුරු ඇඟවීම නිවේදනය කර තිබෙනවා.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රක්කයේ පාතහේවා බැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා අදියර 01 මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form