මාලු මිල ඉහළ යාමේ අවදානමක් ?

වින්ච් ක්‍රමවේදය යොදාගෙන මාදැල් ධීවර කර්මාන්තයේ නිරත, ධීවරයන්ගේ ගැටළුව සම්බන්ධයෙන් අදාළ සියළු පාර්ශවයන්ගේ සහභාගිත්වෙයන් ලබන සදුදා සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය වී තිබෙනවා.

ඒ, දින කිහිපයක් වර්ජනයේ නිරතව සිටි මාදැල් ධීවරයන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති සාකච්ඡාවකදීයි.

වින්ච් ක්‍රමවේදයට මාදැල් ධීවර කර්මාන්තයේ නිරතවීම ධීවරයන්ට තහනම් කිරීමට ආණ්ඩුව පසුගියදා පියවර ගනු ලැබුවා.

ඊට එරෙහිව එම ක්‍රමවේදය යටතේ මාදැල් ධිවර කර්මාන්තයේ නිරත ධීවරයින් පිරිසක් දින කිහිපයක් තිස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වුණා.

ඔවුන් ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී සියළු ගැටළු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව සියලු පාර්ශ්වයන් එක්ව කෙටි කාලයක් තුළ සාකච්ඡා මාර්ගයෙන් වඩාත් සුදුසුම විසඳුම් යෝජනා කර ගැනීමට මෙහිදී එකඟතාව පළ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඒ අනුව මාදැල් ධීවරයන් විසින් සිය විරෝධතාව නතර කර තිබෙනවා.

මේ අතර මෙම මාදැල් ධීවරයන්ගේ ගැටළුවට විසදුමක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මෙරට මාළු මිල තවත් ඉහළ යා හැකි බව හිටපු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form