බ්‍රිතාන්‍යයේදී නිරෝධා නිවුන්හැල්ල ඝාතනය: සැමියාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සිය බිරිඳ වන නිරෝධා නිවුන්හැල්ල බ්‍රිතාන්‍යයේදී පිහියකින් ඇන ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි 37 හැවිරිදි ඇගේ සැමියාට බ්‍රිතාන්‍ය අධිකරණයක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

මෙම ඝාතනය සිදුව තිබුණේ, ඇය රැකියා ස්ථානයේ සගයෙකු සමග සම්බන්ධයක් ආරම්භ කිරීමෙන් පසුව ය.

නිරෝධා හෙවත් නිවුන්හැල්ලගේ දෝන නිරෝධා නිවුන්හැල්ල ලෙස හැඳින්වෙන, වයස අවුරුදු 32ක පසු වූ මෙම කාන්තාව 2025 අගෝස්තු 21 වන දින කාඩිෆ්හි රිවර්සයිඩ්හි දකුණු මෝගන් පෙදෙසේ රථ ගාලකදී පිහි ඇනුමකට ලක්ව මිය ගියේ ය.‍

පෙන්ට්වින්හි වෙසෙන ඇගේ සැමියා වූ තිසර වේරගලගේ මාස ගණනාවක් ඇගෙන් වෙන්ව සිටි අතර, ඔහු මීට පෙර මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කළ නමුත් ජනවාරි මාසයේ නිව්පෝර්ට් ක්‍රවුන් අධිකරණයේ පැවති නඩු විභාගයකදී ඔහු වරද පිළිගත්තේ ය.

කාඩිෆ් ක්‍රවුන් උසාවියේදී වේරගලගේට දඬුවම් නියම කරමින් විනිසුරු ඩැනියෙල් විලියම්ස් පැවසුවේ, ඔහුගේ “කුරිරු ආත්මාර්ථකාමීත්වය” නිරෝධාගේ ජීවිත කාලය කෙටි කළ බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form