රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක හිටපු බස්නායක නිලමේවරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
72 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු සහ ඔහුගේ පුත්‍රයා ව්‍යාපාරික කටයුතු සඳහා යැයි පවසමින් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් රුපියල් කෝටි 18ක පමණ මුදලක් ලබාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. අදාළ මුදල් ලබාගැනීමේදී සැකකරුගේ නමින් ඇති චෙක්පත් ලබාදී ඇති බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.