SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් අද (10) දිනයේ උතුරු,  උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති...

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන තීරණයක්

රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.  නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්...

ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය සහන

මෑත කාලීන සුළි සුළං සහ ගංවතුර හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර සඳහා බලපත්‍රලාභී බැංකු මගින් සහන සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය මත අනවශ්‍ය බලපෑමක් ඇති නොවන ආකාරයට, බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ඵලදායී ලෙස සහන ලබාදීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකා බැංකු...

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රජයේ අමාත්‍යාංශ සෘජුව වගකීම දරන්නේ රජය විසින් හඳුන්වා දුන් එම ගිණුම් සඳහා යොමු කරන මූල්‍යමය පරිත්‍යාග සඳහා පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මූල්‍යමය ආධාර භාර ගන්නා වෙනත් සංගමයක හෝ පුද්ගලයකුගේ ගිණුම් අංක සඳහා තම අමාත්‍යාංශය එකඟතාවක් හෝ අනුමැතියක් ලබා දී නොමැති අතර එම මූල්‍යමය...

සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට වූ හානිය අවම කිරීමට IMF සැරසෙයි

රට පුරා ජීවිත බිලිගෙන, දහස් ගණනක් අවතැන් කළ විනාශකාරී සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට වූ හානිය අවම කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සූදානමින් පසුවේ. මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් IMFහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මේ බව පැවසීය. ව්‍යසනයේ මානුෂීය, සමාජීය සහ ආර්ථික බලපෑම ඇගයීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන්, සංවර්ධන හවුල්කරුවන් සහ අනෙකුත් සගයන්...

විදෙස්ගත ලාංකිකයන්ගෙන් මිලියන ගණනින් මුදල්

‘Rebuilding Sri Lanka’අරමුදලට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 635කට ආසන්න මුදලක් මේ වනවිට ලැබී ඇති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු පවසා සිටියේ, ලංකා බැංකුව යටතේ ක්‍රියාත්මක ගිණුම හරහා තැන්පතු (transaction) 30,470කට අධික ප්‍රමාණයක් මේ වනවිට සිදුව ඇති බවය. එමෙන්න ශ්‍රී ලංකා...

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (05) දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය. අද දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරු 9ට ආරම්භ වන අතර, විවාදයෙන් අනතුරුව මෙලෙස පස්වරු 6.00ට ඡන්ද විමසිම පැවැත්වීමට නියමිතය. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය නොවැම්බර් 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා...

යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කරන හැටි පුටීන් ඉන්දියාවේ දී කියයි

යුක්‍රේනයට අයත් ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බවත්, ඒ හේතුවෙන් යුක්‍රේනය හමුදා නැගෙනහිර ඩොන්බාස් කලාපයෙන් ඉවත්විය යුතු බවත් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් යුක්‍රේනයට අනතුරු අඟවා තිබේ. මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින ජනපති පුටීන් එරට පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, යුක්‍රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි...

ඊසානදිග මෝසම් තත්ත්වය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (05) අලුයම නිකුත් කළ නවතම කාලගුණ නිවේදනයේ දැක්වෙයි. ඒ අනුව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර සහ...

නුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාවෙන් යළි වැසේ

මහනුවර – කොළඹ මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් යළි වසා දමා තිබේ. කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.හේරත් මහතා පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කළ දැනුම්දීමක් මත අද පස්වරුවේ සිට එම මාර්ගය වසා දැමීමට පියවර ගත් බවය. පසුගියදා සිදුවූ නායයෑමක් හේතුවෙන් එම මාර්ගය අවස්ථා කිහිපයකදී තාවකාලිකව වසා දැමුණු අතර ඊයේ පස්වරුවේ සිට එය යළි ගමනාගමනය සදහා විවෘත කිරීමට...
1 2 3 4 5 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form