SL Mirror

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය. ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය...

ගංවතුරේත් පාතාලය වැඩ…

ත්‍රිකුණාමලය, චීනවරාය පොලිස් වසමේ 05 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අද (01) රාත්‍රී කාලයේදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 59ක් වූ 05 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වෙඩිතැබීමට හේතුව හෝ භාවිතා කළ අවිය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට...

මෝදි සහ ජනපති අනුර අතර දුරකථන සංවාදයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (01) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සිදු වූ ජීවිත හානි සහ සිදුවූ විනාශය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇත.  මෙම අවස්ථාවේ දී ඉන්දීය ජනතාව ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළ බව...

සජිත් තානාපතිවරුන්ගෙන් ආධාර ඉල්ලයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට ජපාන, කොරියානු සහ යුරෝපා සංගම් තානිපතිවරුන් හමුවී ආපදා තත්ත්වයෙන් මිදීමට සහාය දෙන ලෙස ඉල්ලා සිටියේය.  විපක්ෂනායකවරයා සහ ජපාන තානාපති අකිඕ ඉසමොතා (Akio Isamota) මහතා අතර සාකච්ඡාවක් අද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වුණි. මෙහිදී විපක්ෂ නායකවරයා විනාශ වූ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටත් දුම්රිය ⁣මාර්ග පද්ධතිය අලුත්වැඩියා කිරීමටත් ජපාන...

ආපදා මරණ 390 දක්වා ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මෙම ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352ක් අතුරුදන්ව ඇතැයි එම මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ සඳහන්ව තිබේ. එමෙන්ම පවුල් 382,651ක පුද්ගලයින් 1,373,899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇතැයිද නිවාස 432ක් පූර්ණ වශයෙන් හානියට පත්ව තවත්...

ගංවතුර ඇති ප්‍රදේශවල පානීය ජලය භාවිත කිරීම පරිස්සමින්

ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල ජනතාව පානීය ජලය භාවිත කිරීමේදී දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ජල ගැලීම්වලට හසු වූ ප්‍රදේශවල ළිං ජලය පානය කිරීමෙන් වළකින ලෙසය. එමෙන්ම පාචනය වැනි තත්ත්වයන් ඇතිවීමේ දැඩි ප්‍රවණතාවයක් ඇති බැවින් හැකිතාක් උණුකර නිවා ගත් ජලය පානය කරන ලෙස...

පාර්ලිමේන්තුව ඇරඹෙයි – විනාඩි 30කට කල් තියයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (01) උදෑසන 9ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කළේය. එහිදී රට තුළ ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු ඉදිරියට පත්වාගෙන යන්නේ ද පිළිබඳ තීරණයක් ගැනීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 30ක කාලයක් සඳහා කථානායකවරයා විසින් කල්තබනු ලැබීය. පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමක් පැවැත්වීම සඳහා මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබුණි.

මහනුවර සහ නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

ගැඹුරු පීඩන අවපාතය, කන්කසන්තුරය සිට කි.මී. 300ක් ඊසාන දෙසින්, අක්ෂාංශ 12.3°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇත.  මෙම පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට, උතුරු දෙසට ගමන් කරමින් තවදුරටත් දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් මඩකලපුව සහ...

මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත් 309ක් නාවික හමුදාව මුදාගනී

මාවිල්ආරු වැව් බැම්ම කැඩී යෑමෙන් ආපදාවට පත්ව සිටින පුද්ගලයින් 309 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබේ. අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය මාවිල්ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමෙන්, එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇති වුණි. ඒ අනුව, අද (31) උදෑසන වන විට ගංවතුරෙන් ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත්...

විදෙස් ආධාර කළමනාකරණයට හදිසි ඒකකයක්

ඇතිව තිබෙන ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය එක්ව හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත කර තිබේ. විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින්, ශ්‍රී ලංකාවේ විදේශ රාජ්‍ය තාන්ත්‍රික ආයතනවලින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගෙන් ලැබෙන ආධාර සම්බන්ධීකරණය කිරීම සඳහා මෙම හදිසි සම්බන්ධීකරණ...
1 3 4 5 6 7 97

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form