පසුගිය අයවැයෙන් රු. මිලියන 100ක් වෙන් කළ තඹුත්තේගම දුම්රියපොළේ ශක්‍යතා අධ්‍යයනයට මොකද වුණේ?
මගේ නිවසේ ලිපිනය බවට පත්වෙලා තිබුණේ, කොළඹ දෙසට තනි සිග්නල් කණුව අසල, නල්ලච්චිය, තඹුත්තේගම,” ජනාධිපති අනුර කුමාර දිසානායක සිය පළමු අයවැය ඉදිරිපත් කරමින්, 2025 වසර සඳහා වන අයවැයෙන් දුම්රියෙන් කෘෂිකර්ම ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ හැකියාව ගැන අධ්‍යයනයක් කිරීමට මුදල් වෙන් කරන බව පැවසීය. එලෙස දුම්රිය හරහා කෘෂිකර්ම නිෂ්පාදන බෙදා හැරීමට ජනාධිපතිවරයා සිය උපන් ගමින් ආරම්භ කිරීමට...