නවතම පුවත්

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

අදානිගේ සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තේය.  අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට...

කිරිපිටි මිලත් ඉහළට

අප්‍රේල් මස 1 වනදා සිට කිරිපිටි මිල ගණන් සියයට 4.7කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ. ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇති බව වාර්තා වේ. 

අස්වැසුම වෙනස් වෙයි ?

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය. 2023-07-01 වන දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, අංක 2415/66 හා 2024-12-21 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් මෙම යෝජනා ක්‍රමය අවසාන වරට සංශෝධනය කරනු ලැබ ඇත. ...

යුක්තිය ඉ⁣ටු නොවන්නේ නම් නැවතත් පාරට බහිනවා

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීම පිළිබඳ සාධාරණ ප්‍රතිචාරයක් වත්මන් ආණ්ඩුවෙන් ඉදිරි සති 6 තුළ ලැබෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. ඊයේ (15) කොළඹ පැවති සමුළුවකට සහභාගී වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ. පාස්කු ප්‍රහාරයේ 6 වැනි සංවත්සරයට පෙර එවැනි ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණහොත්, නැවත වීදිවලට බැසීමට සිදුවන...

හිටපු ජනපතිගෙන් බටලන්ද වාර්තාව ගැන අද විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ. පසුගිය සතියේ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ දී සභාගත කරනු ලැබීය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තා පිළිබඳ කටයුතු කිරීමට ජනාධිපතිවරයා පුමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවය. ඉදිරියේ දී...

එ.ජ.ප සහ ස.ජ.බ අතර ප්‍රබල බල හුවමාරුවක් නුදුරේදී

පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේග පක්‍ෂයේ තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡාවන් කිහිපයක් සිදු කර ඇති අතර නුදුරේදීම....

අනියම් පෙමින් මිතුරන් දෙදෙනාම මරණ මංචකයට,

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා, විත්තිකරු මහනුවර පළේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයට රැගෙන යාමට නියෝග කළ අතර, ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයේ ඔහුට බොටුවෙන් වැලලා ප්‍රාණය නිරුද්ධ කරන ලෙස පවසා ඇත.

රැප් ගායකයා ගිනි අව්යක් සමග දැලේ

ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරචි මාර්ග පවසයි. මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක්ද සම්බන්ධ ගිනි අවියක් සැකකරු සන්තකයේ තිබෙන බවට ලද තොරතුරක් මත මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී අදාල ගිනි අවිය හමුවී ඇති...

බිමල් රත්නායක බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරිපත් කරනු ලැබීය. එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවය. මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා...

කොළඹ, පේරාදෙණිය උපාධිධාරීන් හලා, උපාධි කඩවලට ගුරු පත්වීම් දෙන්න ඌව පළාත් සභාවට කැබිනට් අනුමැතිය !

ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් ඊයේ (13) කොලඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදි. එහි දී ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන් ලේකම් අමිල සඳරුවන් මහතා විසින් දැක්වූ අදහස් පහතින්, ඌව පළාත් සභාවට නවක උපාධිධාරීන් 303ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතියි පසුගිය 10 වන දින අග්‍රාමාත්‍යවරිය විසින් ලබාගෙන තිබුණා. එහිදී විෂය උපාධිධාරීන් 260 කුත් අධ්‍යාපනවේදී උපාධිධාරීන් 43කුත් ලෙස අවසර ගෙන...
1 22 23 24 25 26 95

Latest News

Stay in the loop

Subscribe to the newsletter for all the latest updates

[contact-form-7 id="cbf4cce" title="email"]

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form