නුගේගොඩ දෙල්කද ප්‍රදේශයෙන් රුපියල් කෝටියක් වටිනා විදෙස් මත්පැන් තොගයක්
නුගේගොඩ දෙල්කද ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී රුපියල් කෝටියක් පමණ වටිනා විදේශීය මත්පැන් තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ප්‍රදේශයේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුට අයත් මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරික ස්ථානයක තිබී වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය විසින් සිදු කළ වැටලීමකදීයි මෙම මත්පැන් තොගය සොයාගෙන තිබෙන්නේ. ව්‍යාපාරික මධ්‍යස්ථානයේ බිම්මහලේ මෝටර් රථ අමතර කොටස් උපාංග අතර ඉතා සූක්ෂම...