කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට
ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ(15 ) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි. කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම්...