IMF ඊලග වාරිකය කල් යනවා.. 2025 අයවැයත් ඔවුන් බලනවා…

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මීළඟ ණය වාරිකය ලැබීම මාස දෙක හමාරක පමණ ප්‍රමාදයක් සිදුවනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

එ් අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක් පමණ වන මීළඟ වාරිකය එළැඹෙන අප්‍රේල් මාසයේදී පමණ ලැබෙනු ඇති බව ද හෙතෙම කියා සිටයි.

කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් ලැබී තිබුණද 2025 වසර සඳහා අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන්ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවධානය යොමු කර ඇති බවත් ඒ අනුව අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු සිව්වන වාරිකය මුදා හැරෙණු ඇති බවත් හෙතෙම පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form