IMF කොන්දේසි අනුව අයවැය හදන්න කියයි… එතෙක් මීළග ණය වාරිකය නෑ..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ තුන්වෙනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවයෙන් ලැබුණත් එහි සිව්වන ණය වාරිකය ලැබීම 2025 වසරේ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පසු දක්වා කල් යනු ඇති බව වාර්තා වෙයි.

එය අනුව මීළඟ ණය වාරිකය ලැබීම ලබන වසරේ මාර්තු මස තෙක් තවත් මාස කිහිපයකින් කල් යාමට නියමිතය.

මීට හේතු වී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාරත්ව මණ්ඩලය හා විධායක මණ්ඩලය අනුමැතිය ලබාදීම සිදුවන්නේ ලබන වසර අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව වීමයි.

එමෙන්ම එම අයවැය සඳහා හරහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පූර්ව කොන්දේසි ඉටු කිරීමටද කටයුතු කළ යුතුව ඇති අතර ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ අරමුළුවට අනුකූල වන පරිදි ඉදිරි අයවැය ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කිරීම කළ යුතුව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form