IMF නියෝජිත කණ්ඩායමක් අද දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් අද (22) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව IMFය දැනුම් දී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි පිළිබඳ අධ්‍යයනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් රජයේ හා අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.

අද දිනයේ දිවයිනට පැමිණෙන මෙම නියෝජිතයින් ලබන 28 වැනි දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිත බව සඳහන්ය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආර්ථික හා මානුෂික අභියෝග සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමත්, ඒ හරහා යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ සමස්ත ආර්ථික ස්ථාවරත්වයට සිදුව ඇති බලපෑම් අවබෝධ කරගැනීමත් මෙම නියෝජිත කණ්ඩායමේ අරමුණ බව IMFය පෙන්වා දෙයි.

ඊට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility) යටතේ පස්වැනි සමාලෝචනය මේ වන විට අවසන් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන්ද මෙම සංචාරයේදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form