අත, පුටුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ ඇතුළු ඉදිරි මැතිවරණ සඳහා ‘පුටුව’ ලකුණින් තරග කරන බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක අද ප්‍රකාශ කළේය.

2025 මැතිවරණ වසරක් වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස වාමාංශික කණ්ඩායම්වලට ආරාධනා කළ බවත් ඔහු අලුත් අවුරුද්දේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවතින විවිධ අර්බුද සුහදව විසඳා ගනිමින් පක්ෂය ශක්තිමත් කරමින් අලුත් අවුරුද්දේ අලුත් ගමනක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ද මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවත් විවිධ හේතූන් මත වෙනත් පක්ෂවලට සම්බන්ධ වූ හෝ දේශපාලනයෙන් ඉවත්ව සිටින සියලුම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසට පක්ෂය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කරන බවත් ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form