ඉන්ධන මිල ගින්න සහ පීඩිත ජනතාවගේ හෙට දවස
ශ්‍රී ලංකාව යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක රුදුරු අත්දැකීමට මුහුණ දී සිටී. ලෝක වෙළඳපොළේ මිල ගණන් සහ මිල සූත්‍රය යන තාක්ෂණික කරුණු කුමක් වුව ද, පොදු ජනතාවට ඉන්ධන මිල ඉහළ යාම යනු හුදෙක් අංක කිහිපයක වෙනසක් නොව, ඔවුන්ගේ කුස්සියේ බත් පතට එල්ල වන මරු පහරකි. මෙම මිල ඉහළ යාම මෙරට ආර්ථිකයේ සෑම අංශයකටම දාම ප්‍රතික්‍රියාවක්...