අන්තර්ජාලයෙන් කෝටි 200ක් වංචා කල අඹු සැමි යුවල රිමාන්ඩ්

නීතිවිරෝධි ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ තැන්පතු මුදල් ලබාගෙන රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අඹුසැමි යුවලක් එලැඹෙන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළේය.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊලඟ දින කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අන්තර්ජාලය හරහා මුදල් තැන්පතු භාරගෙන අදාළ සැකකරුවන් රුපියල් කෝටි 260කට අධික මුදලක් වංචා කර ඇතැයි අනාවරණය වූ බවය‍

ඒ අනුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පොලිසිය විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය. 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල  ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form