අමෙරිකාවෙන් ඊශ්‍රායලයට යළිත් දැවැන්ත ආයුධ තොගයක්

Spread the love

අමෙරිකානු ඩොලර් බිලියන 8ක වටිනාකමකින් යුතු ආයුධ ඊශ්‍රායලයට අලෙවි කිරීමට අමෙරිකානු පරිපාලනය තීරණය කර තිබේ.

එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිව ඇති මේ ආයුධ තොගයට මිසයිල, ෂෙල්, ගුවනේදීම එල්ල කළ හැකි මිසයිල ඇතුළු තවත් ආයුධ රැසක් අයත්ය.

අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ධුරයෙන් විශ්‍රාම යාමට දෙසතියක් පමණක් තිබියදීය.

ගාසාහි සිවිල් වැසියන් දස දහස් සංඛ්‍යාත පිරිසකට මරු කැඳවු ඊශ්‍රායල ප්‍රහාර මර්දනයට ඔවුන් වෙත ආයුධ ලබා නොදෙන ලෙස ලොව දසතින් ඉදිරිපත් වන ඉල්ලීම් නොතකා අමෙරිකාව මෙලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.