අමෙරිකාවෙන් ඊශ්‍රායලයට යළිත් දැවැන්ත ආයුධ තොගයක්

අමෙරිකානු ඩොලර් බිලියන 8ක වටිනාකමකින් යුතු ආයුධ ඊශ්‍රායලයට අලෙවි කිරීමට අමෙරිකානු පරිපාලනය තීරණය කර තිබේ.

එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ අනුමැතිය හිමිව ඇති මේ ආයුධ තොගයට මිසයිල, ෂෙල්, ගුවනේදීම එල්ල කළ හැකි මිසයිල ඇතුළු තවත් ආයුධ රැසක් අයත්ය.

අමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් ධුරයෙන් විශ්‍රාම යාමට දෙසතියක් පමණක් තිබියදීය.

ගාසාහි සිවිල් වැසියන් දස දහස් සංඛ්‍යාත පිරිසකට මරු කැඳවු ඊශ්‍රායල ප්‍රහාර මර්දනයට ඔවුන් වෙත ආයුධ ලබා නොදෙන ලෙස ලොව දසතින් ඉදිරිපත් වන ඉල්ලීම් නොතකා අමෙරිකාව මෙලෙස කටයුතු කිරීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form