අයවැය සැලසුම් කිරීමේදී රජය වෘත්තිකයින් නොසලකා හැර ඇතැයි නාමල්ගෙන් චෝදනා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (18) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුව තිබේ.

එහිදී මතුව ඇති ගැටලු සම්බන්දව අවධානය යොමු කළ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ 2026 අයවැය සැලසුම් කිරීමේදී රජය වෘත්තිකයින් නොසලකා හැර ඇති බවය.

මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහාත පැවසුවේ වෘත්තිකයින් සමග සාකච්ඡා කර අදාළ අයවැය යෝජනා සකස් කළ යුතු බවය.

දේශපාලන සම්බන්ධතා ඇති අයගේ අවශ්‍යතා පමණක් නොව සියලු අංශ සලකා බලා අයවැය සකස් කළ යුතු තිබුණ බවත් පෙර අයවැය යෝජනා මගින් දුන් පොරොන්දු පවා ඉටු කිරීමට රජය තවමත් අපොහොසත්වී ඇති බවත්ය.

වෛද්‍යවරුන්ට මෙන්ම අනෙකුත් වෘත්තිකයින්ට බලපාන ගැටලු ද නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ඉස්මතු කළ අතර නිසි කළමනාකරණයක් නොමැති කමින් අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති විය හැකි බවත් ඒ මහතා අනතුරු ඇඟවීය.

යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සැලසුම් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රජයට දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා සියලු අංශවල අවශ්‍යතා සපුරා නොගෙන රට පද්ධතිමය බිඳ වැටීමේ අවදානමක් ඇති බවත් අවධාරණය කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form