අලි ටෙලිෆෝන් හවුල අස්සේ පොහොට්ටුවත් සන්ධානගත වීමට යයි

අද (31) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි නිවසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්ව තිබේ.

එහිදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරග කරන ආකාරය සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ. දේශපාලන මණ්ඩල සාමාජිකයින් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සන්ධානගතව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට වඩාත් යෝග්‍ය බවය.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා

“පක්ෂ කිහිපයක් එක්ක සන්ධානගත වෙලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන්න සාකච්ඡා කරලා තියෙනවා. ඒත් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒත් අපි සංවිධායකවරු පත් කරලා පක්ෂ සංවිධායක කටයුතු සිදුකරන්න මෙහිදී සාකච්ඡා කළා. දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරන්න සාකච්ඡා ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ආරාධනා කරලා තියෙනවා. කොහොම වුණත් ඉදිරියේදී මේ ගැන තවත් සාකච්ඡා කරනවා. යම් හෙයකින් සන්ධාන ගතවුණොත් බැලට් පේපරෙනුත් පොහොට්ටුව හැලෙන්න පුළුවන්.”

සන්ධාන ගතව ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවසන් තීරණයක් ගෙන නොමැති බව‍යි, මෙහිදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද පැවසුවේ

“පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රතිසංවිධාන කටයුතු සහ මැයි දිනය ගැන අපි අද සාකච්ඡා කළා. වැඩකරන ජනතාව විදිහට මැයි දිනය සමරන්න මැයි දිනය සමරන්න අපි තීරණය කළා. ආසනවල ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිටත් ආරම්භ කරලා තියෙන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සී.බී රත්නායක මේ ගැන පක්ෂ නියෝජතයින් දැනුම්වත් කළා. පොහොට්ටුව ඉවත් කරලා යන්න අදහස් නැහැ. ඒත් සන්ධානගත වීමක් වුණොත් අපිට ඒ ගැන තීන්දුවක් ගන්න වෙනවා. නමුත් දැනට එහෙම දෙයක් නැහැ. බහුතරයකගේ මතය වෙන්නේ එලැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තරග කළ යුතුයි කියලා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form