අවසර නැතිව ඇමතිලාට තානාපතිලා හමුවන්න බෑ.. – නව චක‍්‍රලේඛයක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියකින් තොරව කිසිදු අමාත්‍යවරයෙකුට, අමාත්‍යාංශ ලේකම්වරයෙකුට, ආණ්ඩුකාරවරුන්ගේ ලේකම්වරයෙකුට විදේශ තානාපතිවරුන් සමඟ සාකච්චා පැවැත්විය නොහැකි බවට ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයේ නිකුත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව ඇමතිවරුන් විදේශ තානාපතිවරුන් හමුවීම, අවශ්‍යතා සන්නිවේදනය කිරීම, සහාය ලබා ගැනීමට සීමා කර බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මෙරට ව්‍යාපෘති සඳහා වෙනත් රටවල් සමඟ අරමුදල් සැපයීමට පෙරදී පහසුකම් සැලසූ බවත් එවැනි උත්සාහයන් පවා මේ හරහා නතර කර ඇති බවත් මෙය ලංකාව දැන් උතුරු කොරියාව මෙන් වී ඇති බවත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේය.

අදාල චක‍්‍රලේඛයෙන් විදේශවල ශ්‍රී ලංකා දූත මණ්ඩල මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් සමඟ පෞද්ගලික සංචාර සඳහා සම්බන්ධ විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ නිකුත් කිරීම හොද දෙයක් බවත් මන්ත‍්‍රීවරයා පැවසුවේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

කෙසේ වෙතත් ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේල තමන් මෑතකදී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා හමුවූ බවත් එවැනි සීමාවක් ක්‍රියාත්මක නොවන බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් දයාසිරි ජයසේකර සඳහන් කළේ චක්‍රලේඛය නිකුත් කර ඇති බවත්ල බිමල් රත්නායකට ඉක්මනින් දැනුම් දෙන බවයිග

එවැනි සීමාවන් රජයට සහ එහි අමාත්‍යවරුන්ට ගැටළු ඇති කළ හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form