ඉහළ යන බස් ගාස්තු අද ප්‍රකාශයට

බස් ගාස්තු සංශෝධනයක් අද (22) දිනයේ සිදුකිරීමට කටයුතු කරන බව ලංකා ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ගණනය කිරීම් මේ වනවිටත් සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන ගාස්තු ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු කෙරුණේ නැත.

මේ අතර අවම වශයෙන් සියයට 15ක බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ඉහළ දැමුණු අතර එය සියයට 31ක වැඩිවීමක් බව එම සංගමය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form