‘ගිය රජය වී ඇටයක්වත් මිලට ගත්තෙ නෑ’ කතාව බොරු වෙයි..

2024 යල කන්නයේදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්න ලද කීරි සම්බා වී තොග බැහැර කිරීම සඳහා මිල ගණන් කැඳවීමට ප්‍රසිද්ධ දැන්වීම් පළ කර තිබේ.

ඒ කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය විසිනි.

ජාතික පුවත්පත්වල පළ කර ඇති දැන්වීමක දැක්වෙන්නේ අම්පාර පරගහකැලේ ගබඩාවේ කිරි සම්බා කිලෝ එක් ලක්ෂ දහනම දහසක ප්‍රමාණයක් බැහැර කිරීම සඳහා මෙසේ මිල ගණන් කැඳවන බවය.

කෙසේ වෙතත් පසුගිය රජය විසින් එකදු වී ඇටයක් හෝ මිලදී නොගත් බවත් බවට රජයේ පාර්ශවයෙන්ම චෝදනා එල්ල වන පසුබිමක රජය විසින්ම මෙම පුවත්පත් දැන්වීම පළ කිරීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form