‘ටිංකර්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන ශ්‍රීධරන් නෙරංජන් නොහොත් ‘‘ටිංකර්‘‘ යන අය කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

සැකකරු හෙට (03) දිනය දක්වා පැය 24ක කාලයක් මෙලෙස රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහු ඊයේ (02) අලුයම් කාලයේ කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමෙන් පසු ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත භාරදී තිබුණි.

ඒ අනුව සැකකරු ඊයේ දිනයේ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ  රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදුන් බව පොලීසිය පැවසුවේ.

සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු වන අතර ඔහු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් කොච්චිකඩේ ශිරාන් නැමැත්තාගේ ගෝලයෙකු බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form