තවත් ප්‍රබලයින් රැසකගේ දේපොල රාජසන්තක වෙයි ?…

අයථා ලෙස සම්පත් හිමිකරගෙන ඇතැයි කියන හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙකු සහ ප්‍රබල දේශපාලනඥයන් 26 දෙනෙකුට සම්බන්ධ වශයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර ඇත.

මෙම පුද්ගලයන් සතු රුපියල් කෝටි ගණනක වටිනා දේපළ රජයට පවරා ගැනීම සඳහා මෙම පියවර ගත් බව සඳහන් වේ.

මේ වන විටත් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී ඔවුන්ගෙන් නිල ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

අදාළ විමර්ශනයට ලක්ව සිටින හිටපු ආරක්ෂක ප්‍රධානියා වන්නේ ඒකාබද්ධ මාණ්ඩලික හමුදා ප්‍රධානියා වූ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. විමර්ශනයට ලක්ව සිටින අනෙකුත් දේශපාලනඥයන් නම් පහත පරිදියි:

මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, පිල්ලෙයාන්, එච්.එම්. චන්ද්‍රසේන සහ ශාන්ත අබේසේකර. විමර්ශන නිලධාරියෙකු පවසා ඇත්තේ, මෙම දේපළ සම්බන්ධයෙන් සාක්ෂි සොයා රජයට පවරා ගැනීමෙන් පසුව ඒවා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවයි.     

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form