තවත් විභාග වංචාවක් සම්බන්ධයෙන් විමර්ශණයක්

උතුරු මැද පළාතේ 6 වැනි ශ්‍රේණිය තුන්වන වාර පරීක්ෂණයේ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රය පිටවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගේ උපදෙස් මතයි.

ඔහු සඳහන් කළේ මේ වනවිට එම ප්‍රශ්න පත්‍රය අවලංගු කර නැවත ප්‍රශ්න පත්‍රයක් සැකසීමට කටයුතු කරන බවයි.

ඒ අනුව එම පිළිතුරු පත්‍රය සමාජ මාධ්‍ය හරහා පිට කළ ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට ද කටයුතු කරන බව උතුරු මැද පළාත්  අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form