තෙල් නැවකට සල්ලි තැති බංකොලොත් රටක් මාස තුනකින් බේරගත්තා…- හදුන්නෙත්ති

බංකොලොත් භාවයට පත්වූ රටක් මාස කිහිපයකින් මේ වගේ තැනකට ගෙන ඒමට හැකිවීම ගැන සන්තෝෂ විය යුතු බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ණය වර ලිපියක් විවෘත කර ගැනීමට නොහැකි, වරායට පැමිණි ඉන්ධන නෞකාවකට මුදල් ගෙවීමට නොහැකිව තිබූ රට අද රටක් ලෙස හුස්ම ගනිමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනක එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග තම ආණ්ඩුවේ සාකච්ඡා දින දහයකින් අවසන් කළ බවත් දෙසැම්බර් 31 පෙර අවසන් කරගැනීමට අදහසකින් එසේ කළ බවත් හෙතෙම කියා සිටියි.

තම කණ්ඩායමේ තිබූ මැදිහත්වීම කැපකිරීම ගැන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කණ්ඩායම පවා පුදුමයට පත් වූ බව අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form