දැඩිව පරීක්‍ෂා කල යුතු රතු ලේබල් බහාළුම් සිය ගණනක් කිසිදු පරීක්‍ෂාවකින් තොරව වරායෙන් පිට කරලා..

අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු රතු ලේබලයෙන් යුතු බහාළුම් වැඩි ප‍්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

එම සංගමයේ සභාපති අමිල සංජය මහතා පෙන්වා දෙන්නේ එසේ පරීක්ෂාවකින් තොරව පිට කරන ලද බහුලුම් 323 අතරින් අති බහුතරයක් රතු ලේබලය යටතේ දැඩිව පරීක්ෂා කළ යුතු බහලූම් බවයි.

මෙසේ පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇති බහුළුම් අතුරින් සියයට අසූවක් පමණම එතරම් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ඒවා වන බවද හෙතෙම කියා සිටී.

මෙවන් බහාලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බවත් පැවසූ ඔහු පරීක්‍ෂාවකින් තොරව මේවා සමාජයට මුදා හැරීමට හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඔ්නෑම නීති විරෝධී ද‍්‍රව්‍යයක් තිබිය හැකි බවද කියා සිටී.

මේවා සම්බන්ධයෙන් අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් හෙතෙම මාධ්‍ය හමුවූ අමතමින් තවදුරටත් පැවසුවේය.

රේගු අධ්‍යක්ෂවරයාගේ අනුදැනුමක් සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් අද දිනයේ තම රාජකාරි වලින් ඉවත් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form