දුරකතනය නැතිවුනොත් වහා සොයාදෙන්න පොලිසියෙන් ක‍්‍රමයක්.. පොලිසි යන්න ඔ්න නෑ..

ශ්‍රී ලංකා පොලිසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටළු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් කටයුතු කිරීමේ ව්‍යාපෘතියක් ලෙස TELL IGP (පොලිස්පතිට කියන්න) පෙන්වා දිය හැකි අතර මෙම ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිතුමා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී තිබුණි.

එසේම TELL IGP සේවාව මගින් පොලිස්පති තුමාගේ අවධානයට සෘජුවම යොමු කල යුතු කරුණු, පොලිස් ස්ථානයන් මගින් විර්මශන සිදු නොවන පැමිණිලි හා පොලිස් නිලධාරින් සිදු කරන වැරදි සම්බන්ධයෙන් පැය 24 පුරා පැමිණිලි කල හැකි අතර එම පැමිණිලි කඩිනමින් විර්මශනය කර අවශ්‍ය ක්‍රියාමාර්‌ග ගැනීමට කටයුතු කරනු ලබයි.

I-need සේවාව මඟින් ජංගම දුරකථනයක් අස්ථාන ගත වූ අවස්ථාවකදී පොලිසියට නොගොස් Online මාර්ගයෙන් අස්ථාන ගත වූ දුරකථනයේ තොරතුරු ලබාදී පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාව ලබාදී තිබූ අතර, අස්ථාන ගතවු දුරකථනයක් යම් පුද්ගලයෙකු විසින් භාවිතා කරයි නම් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු වෙත මෙම සේවාව හරහා දැනුම් දීම සිදුකරනු ලබයි.

එසේම, මෙම සේවාවන් වෙත www.police.lk නිල වෙබි අඩවියට ගොස් E-Services ඔස්සේ TELL IGP හා l-need සේවාව වෙත පිවිසිය හැකි අතර පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව ඇත.

TELL IGP (පොලිස්පතිට කියන්න) සහ I-need සේවාව නව මුහුණුවරකින් කාර්‌යක්ෂමව මහජනතාවගේ ගැටළු, පැමිණිලි සඳහා ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් ලැබෙන පරිදි නවීකරණය කර එලි දැක්වීම 2025.01.06 වන අද දින වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පොලිස් මූලස්ථානයේදී සිදු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form