නාවික හමුදාව භාරයට ගත් ඉන්දීය ධීවරයින්

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ලෙස ධීවර කටයුතුවල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා 02ක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (11) දින රාත්‍රී කාලයේදී මන්නාරම උතුරින් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් එම ධීවර යාත්‍රාව සිය භාරයට ගැනීමටයි නාවික හමුදාව පියවර ගෙන ඇත්තේ.

අදාළ ධීවර යාත්‍රා සමග ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් ඉරණතිව් දූපත වෙත රැගෙන විත් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිළිනොච්චිය සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදීමට නියමිතයි.

එමෙන්ම 2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකළ මෙහෙයුම් මගින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවර යාත්‍රා තුනක් සහ ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form