පක්‍ෂ තනතුරුවලින් තිස්ස සහ රංජිත් ඉවත්විය යුතුයි – සජිත් රැක ගැනීමේ ව්‍යාපාරය කියයි,

සමඟි ජන බලවේග පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන හමු පවත්වමින් පාක්‍ෂිකයින් දැනුවත් කරමින් මැතිවරණය ජයග්‍රහණය කරවීම සදහා විශාල වැඩ කොටසක් සිදු කරන බවට සජිත් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු ඉන්දික උපුල් මහතා අද 10දා අප  වෙත ප්‍රකාශ කර සිටීයා.

පසුගිය කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂය සහ සමඟි ජනබලවේග පක්‍ෂය එකතුවීම සම්බන්ධයෙන් දෙපාර්ෂවයේ නියෝජිතයින් අතර සාකච්ඡා සිදු කර එම සාකච්ඡා අසාර්ථකවී ඇති පසුබිමක එහි මූලිකත්වය ගෙන කටයුතු කළ පක්‍ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ තිස්ස අත්තනායක යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුගාමකයින් ලෙස කටයුතු කරන බවට ඔවුන් චෝදනා කරන බවට ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශකර සිටී. 

වත්මන් පාර්ලිමේන්තුවේ ආසන 40ක් නියෝජනය කරනු ලබන සමඟි ජන බලවේග පක්‍ෂය ආසන 01ක් පමණක් ලබා ඇති එක්සත් ජාතික පක්‍ෂය සමඟ එක් නොවිය යුතු බවත් පක්‍ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ ජාතික සංවිධායක තිස්ස අත්තනායක යන මහත්වරුන්ගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත්වී ජයග්‍රහණය කළ නොහැකි බවත් එම තනතුරු සඳහා නවක මන්ත්‍රීවරුන්ගේ නියෝජනයක් අවශ්‍ය බවට ඔවුන් පවසයි.

පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටියදී, මුදල් අවභාවිතා කළ බවට ඔවුන් චෝදනා කරමින් ඊට එරෙහිව ආණ්ඩු පක්‍ෂය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ථමේන්තුවේ පැමිණිල්ලක් සිදු කර දේශපාලන පලි ගැනීමක් ලෙස පක්‍ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු අඩාල කරවීමේ කූඨ කුමන්ත්‍රණයක නියැලී සිටින බවට චෝදනා කරයි. 

ඒ අනුව සමඟි ජනබලවේග පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත බොරු චෝදනා ගොණු කර, ඔහුගේ ඉදිරි දේශපාලන ගමන්මග බිඳ දැමීමේ කූඨ උපක්‍රමය ආණ්ඩුව විසින් දියත්කළ හොත් ඉදිරියේදී ඊට එරෙහිව මහජනතාව පෙළ ගස්වන බවට පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form