ප්‍රදේශ කිහිපයකට අදත් ඉතා තද වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, ස්වභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කරමිනි.

ඊට හේතුවී ඇත්තේ, බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපයයි.

එය, තවදුරටත් වර්ධනය වෙමින් හෙට (25) වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකිය.

අනතුරුව එය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් අද (24) සිට නැවත දැනුම්දෙන තුරු මන්නාරමේ සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

එම මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 60 ත් 70 ක් දක්වා ඉහළ යා හැකියි.

මේ අතර දිස්ත්‍රික්ක 5කට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි.

එම දිස්ත්‍රික්ක වන්නේ, බදුල්ල, ගාල්ල, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form