බැදුම්කරේ ගැන රවීගෙන් රනිල් ගස් යන සාක්ෂියක්?

යහපාලන ආණ්ඩුවේ මහ බැංකුව අයත්ව තිබුණේ තමන්ට නොව එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා සඳහන් කරයි.

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කල විමසීමකට හෙතෙම මෙම අදහස් පළ කළේය.

“මහ බැංකුව භාරව තිබුණේ එවකට හිටිය අගමැතිට මිස මට නෙමෙයි. රාජ්‍ය බැංකු තිබුණෙත් කබීර් හෂීම් යටතේ යටතේ මිස මගේ යටතේ නෙමෙයි.

එහෙම තියෙද්දිත් අදාළම නැති කාරණාවක් සම්බන්ධයෙන් නිකරුණේ මට චෝදනා එල්ල වෙනවා.

අහක යන ප්‍රශ්න ඇගේ වදිනවා වගේ වැඩක් තමයි මට සිද්ධ වුණේ. ඇත්තටම වැරැදිකාරයෙක් නම් අද මට මෙහෙම ඉන්න බැහැනේ. මම දේශපාලනය කරන්නේ ජීවිතය ගැට ගහගන්න නෙමෙයි. මම වෘත්තීය පදනමක් තියෙන වරලත් ගණකාධිකාරීවරයෙක්.

ආසියාවේ හොඳම මුදල් අමාත්‍යවරයා බවට පත්වුණේ නිකන් ඉඳලා නෙමෙයි. ඒත් හරියට වැඩක් කරන කෙනෙක්ට ඉදිරියට එන්න නොදී මොනම හරි හේතුවකින් ඒ පුද්ගලයාගේ ගමන් මග අසුරන එක තමයි ලංකාවේ සාමාන්‍ය ක්‍රමවේදය. ඒ නිසා මටත් සමහරු එක එක කතා කිව්වා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form