ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අඹේපුස්ස – අලව්ව අතර දුම්රිය ධාවනය සිදුවන්නේ තනි මාර්ගයේ බැවින් මෙම ප්‍රමාදය සිදුව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බුජ්ජොමුව දුමිරිය ස්ථානය අසන්නයේ පිහිටි පැරණි බෝක්කුවක් කැඩීයාම හේතුවෙන් දුම්රිය ධාවනය අඹේපුස්ස දුම්රිය ස්ථානයට සීමා වී තිබුණි.

කේසේ වෙතත් කැඩීගිය එම බෝක්කුව ඊයේ පස්වරුව වනවිට යථාතත්වයට පත්කිරීමෙන් අනතුරුව අද සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අද අලුයම සිට ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය කිහිපයක් සමාන්‍ය පරිදි ධාවනය කිරීමට කටයුතු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල සහ ගනේවත්ත යන දුම්රිය ස්ථනවල සිට කොළඹ කොටුව බලා ධාවන වන සියලු කාර්යාල දුම්රියන් මේවනවිට ගමන් ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී ජී. ඩී.ඒ. සමරසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form