පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා (2019 අප්‍රේල් 21) ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් මේ වන විටත් ක්‍රියාත්මක වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෑතකදී ප්‍රකාශ කර ඇත.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ස්වර්ණවාහිනි රූපවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට සහභාගී වෙමිනි. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම පරීක්ෂණවල යම් ප්‍රගතියක් මේ වන විට ඇති බවත්, ප්‍රහාරයට අදාළ මුල් විමර්ශනවල අඩුපාඩු සහ නොසැලකිලිමත්කම් පිළිබඳවද විධිමත් විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.

මෙම විමර්ශන අතරතුර, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමතිවරයකු වන සිවසේනතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්, ප්‍රහාරය සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනුවත් භාවයකින් සිටි බවට තොරතුරු හෙළිවී ඇති බවත්, ඔහු මෙම ප්‍රහාරයට සෘජුව සම්බන්ධ බවටද මේ වන විට තහවුරු වී ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form