පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (24) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල තාවකාලිකව අත්හිටවනු ලැබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් සුපුරුදු පරිදි අද පෙරවරු 11.00 සිට නැවත ක්රියාත්මකයි.