බංග්ලාදේශය T20 ලෝක කුසලානයෙන් ඉවත් වෙයි ද? – ICCයෙන් අවසන් අනතුරු ඇඟවීමක්

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී හැර වෙනත් රටකදී පැවැත්වීමට කිසිදු අවසරයක් නොලැබෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට අද (21) නිල වශයෙන් දැනුම් දී ඇත.

ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම තරගාවලිය සඳහා ඉන්දියාවට ගමන් නොකළහොත්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ICCය තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම කරුණ සම්බන්ධයෙන් බංග්ලාදේශ රජයටද දැනුම් දී ඇති බව සඳහන්ය.

බංග්ලාදේශය ඉන්දියාවට යාම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ICC පූර්ණ සාමාජික රටවල අධ්‍යක්ෂවරුන්ගේ සහභාගිත්වයෙන් අද පැවැති තීරණාත්මක රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

එම රැස්වීමෙන් අනතුරුව ඡන්ද විමසුමක්ද පවත්වා ඇති අතර, බංග්ලාදේශය වෙනුවට ආදේශක කණ්ඩායමක් පත් කිරීම සඳහා බහුතරය පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවද සඳහන් වේ.

කෙසේ වෙතත්, ඉන්දියාවේදී තරග කිරීමට සම්බන්ධයෙන් තම අවසන් ස්ථාවරය දැනුම් දීම සඳහා ICCය විසින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට තවත් එක් දිනයක් ලබා දී ඇත.

එම කාලය තුළ බංග්ලාදේශය සිය තීරණය වෙනස් නොකළහොත්, ඔවුන් වෙනුවට ස්කොට්ලන්ත කණ්ඩායම ‘C’ කාණ්ඩය යටතේ තරග කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය සඳහා යුරෝපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් සුදුසුකම් ලැබූ රටවල් අතරින් ඉහළම දක්ෂතා දැක්වූ කණ්ඩායම ලෙස ස්කොට්ලන්තය පත්ව ඇති බවද සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

විශිෂාංග

Featured Posts

SL Mirror යනු ශ්‍රී ලංකාව තුළ හා ගෝලීය වශයෙන් සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ නිවැරදි, වේගවත් සහ විශ්වාසදායක තොරතුරු ජනතාව වෙත ගෙන යන ස්වාධීන සිංහල පුවත් වෙබ් අඩවියකි.

නවතම පුවත්

අප හා සම්බන්ධ වෙන්න

Contact Form